දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු ඉහළට ?

ඉදිරියේදී දුරකථ ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු වැඩිවනු ඇතැයි වාර්තා වේ. විදුලි සංදේශන සමාගම් පවසන්නේ රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග තම සමාගම්වල මෙහෙයුම් පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

සන්නිවේදන කුලුණු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන වැයවන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම විදුලි සංදේශන ක්ෂේත්‍රයටද සෘජුව හා දැඩිව බලපා ඇති බවත් එම සමාගම් පෙන්වා දෙයි. සන්නිවේදන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මෙවලම් මුළුමනින්ම පාහේ ආනයනය කෙරෙන බැවින්, ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම විදුලි සංදේශන සමාගම්වල මෙහෙයුම් පිරිවැයට බලපා ඇති බවත් ඔවුන් පෙන්වා දෙන පරිදි, සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සැලකීමේදී වැඩිවී ඇති මෙම පිරිවැයවලට අමතරව, එම සමාගම් පවත්වා ගැනීමට දැරිය යුතු ප්‍රවාහන, විදුලි සහ අනෙකුත් පිරිවැයද ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක මෙතෙක් ජනතාවට බරක් නොවූ සේවා අතළොස්ස අතරින් ප්‍රධානතම සේවාවක් වූ විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම් එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් ජනතාව මතද අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔවුන් සදහන් කලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40