spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු ඉහළට ?

ඉදිරියේදී දුරකථ ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු වැඩිවනු ඇතැයි වාර්තා වේ. විදුලි සංදේශන සමාගම් පවසන්නේ රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග තම සමාගම්වල මෙහෙයුම් පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

සන්නිවේදන කුලුණු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන වැයවන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම විදුලි සංදේශන ක්ෂේත්‍රයටද සෘජුව හා දැඩිව බලපා ඇති බවත් එම සමාගම් පෙන්වා දෙයි. සන්නිවේදන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මෙවලම් මුළුමනින්ම පාහේ ආනයනය කෙරෙන බැවින්, ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම විදුලි සංදේශන සමාගම්වල මෙහෙයුම් පිරිවැයට බලපා ඇති බවත් ඔවුන් පෙන්වා දෙන පරිදි, සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සැලකීමේදී වැඩිවී ඇති මෙම පිරිවැයවලට අමතරව, එම සමාගම් පවත්වා ගැනීමට දැරිය යුතු ප්‍රවාහන, විදුලි සහ අනෙකුත් පිරිවැයද ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක මෙතෙක් ජනතාවට බරක් නොවූ සේවා අතළොස්ස අතරින් ප්‍රධානතම සේවාවක් වූ විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම් එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් ජනතාව මතද අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔවුන් සදහන් කලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?