AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන ඇමතුමකින් ලැබුනු සුපිරි තෑග්ග

රුපියල් කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් වංචා සහගතව ලබාගැනීමට උත්සාහ කළ අයකු පිළිබඳ රුවන්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඉකුත් සිකරාදා (10) දින දැරණියගල ප්‍රදේශයේ තරුණයකුට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඇමතුම ලබාදුන් අය ප්‍රකාශ කර ඇත්තේ විදේශීය පුද්ගලික සමාගමක් සංවිධානය කළ ලොතරැයි ඇදීමකින් ජයග්‍රහණය කර ඇති බවයි. එම ත්‍යාග මුදල් ලබාදීමට තොරතුරු අවශ්‍ය බව ප්‍රකාශ කොට නම, ලිපිනය, දුරකථන අංකය, ගිණුම් අංකය හා ඊ-මේල් ලිපිනය ලබාගෙන ඇත. මොහොතකින් ඊ-මේල් ලිපිනයට පණිවුඩයක් එවමින් සඳහන් කර ඇත්තේ එංගලන්තයේ පෞද්ගලික සමාගමක් සංවිධානය කළ ලොතරැයියක් ජයග්‍රහණය කර ඇති බවත්, ඒ සඳහා වැඩි තොරතුරු දැනගැනීමට මෙහි ඇතුළත්ව ඇති ලිපිගොනුව විවෘත කර බලන ලෙසත්ය. ලිපිගොනුව විවෘත කර බැලූ විට එහි සඳහන්ව ඇත්තේ මෙම තරුණයාගේ තොරතුරු යටතේ කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇති බවයි. කාර් රථය වරායට එවා ඇති බවත්, එම කාර් රථය වරායෙන් නිදහස් කරගැනීමට ගිණුම් අංකයක් ලබාදී එයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැර කරන ලෙසයි.

මෙම තොරතුරු පිළිබඳ විශ්වාස කළ තරුණයා රුවන්වැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක් වෙත ගොස් එම මුදල තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. එම මුදල බැංකු ගත කිරීමත් සමගම එස්.එම්.එස්. පණිවුඩයක් දෙමින් සඳහන් කර ඇත්තේ ආදායම් බදු සඳහා තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් එදිනම බැංකු ගත කරන ලෙසයි.

මෙහිදී ඇතිවුණ සැකය මත ඔහු තම මිතුරකුට මේ පිළිබඳ සැල කර ඇත. මිතුරා වහාම අදාළ බැංකුවට කතා කර තැන්පත් කළ මුදල පිළිබඳව විමසා තිබේ. ඒ වනවිටත් මුදල ගිණුමේ තිබුණු හෙයින් ලබාගැනීම අවහිර කර ඇත. තරුණයා තමා කිසියම් ගැටයකට අසුවී ඇති බව අවබෝධ වී ඇත්තේ එවිටය. ඔහු රුවන්වැල්ල පොලිසිය වෙත ගොස් මේ පිළිබඳ පැමිණිලි කර ඇත. රුවන්වැල්ල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉකුත් කාලය පුරාම මෙවැනි සිදුවීම් රැසක් බුලත්කොහුපිටිය, යටියන්තොට හා රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මේ ආකාරයටම පිරිමි අය නොමැති නිවෙස්වලට දිවා කාලයේ ගොස් විවිධ ප්‍රකාශ කොට රවටා රන් භාණ්ඩ කොල්ලකා ඇත. එපමණක් නොව අග්‍රහාර රක්ෂණාවරණය අනුමත කිරීමට කියා මියගිය රජයේ සේවකයන්ගේ නිවෙස්වලට පණිවුඩ දී මුදල් වංචා කිරීම් සිදුකර ඇත.

මෙවැනි වංචනිකයන් පිළිබඳව දැනුවත් කිරීමටත්, අල්ලා නීතියේ රැහැනට යොමු කිරීමටත් පියවර ගත යුතුව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?