දුරකථන ඇමතුමකින් ලැබුනු සුපිරි තෑග්ග

රුපියල් කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් වංචා සහගතව ලබාගැනීමට උත්සාහ කළ අයකු පිළිබඳ රුවන්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඉකුත් සිකරාදා (10) දින දැරණියගල ප්‍රදේශයේ තරුණයකුට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඇමතුම ලබාදුන් අය ප්‍රකාශ කර ඇත්තේ විදේශීය පුද්ගලික සමාගමක් සංවිධානය කළ ලොතරැයි ඇදීමකින් ජයග්‍රහණය කර ඇති බවයි. එම ත්‍යාග මුදල් ලබාදීමට තොරතුරු අවශ්‍ය බව ප්‍රකාශ කොට නම, ලිපිනය, දුරකථන අංකය, ගිණුම් අංකය හා ඊ-මේල් ලිපිනය ලබාගෙන ඇත. මොහොතකින් ඊ-මේල් ලිපිනයට පණිවුඩයක් එවමින් සඳහන් කර ඇත්තේ එංගලන්තයේ පෞද්ගලික සමාගමක් සංවිධානය කළ ලොතරැයියක් ජයග්‍රහණය කර ඇති බවත්, ඒ සඳහා වැඩි තොරතුරු දැනගැනීමට මෙහි ඇතුළත්ව ඇති ලිපිගොනුව විවෘත කර බලන ලෙසත්ය. ලිපිගොනුව විවෘත කර බැලූ විට එහි සඳහන්ව ඇත්තේ මෙම තරුණයාගේ තොරතුරු යටතේ කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇති බවයි. කාර් රථය වරායට එවා ඇති බවත්, එම කාර් රථය වරායෙන් නිදහස් කරගැනීමට ගිණුම් අංකයක් ලබාදී එයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැර කරන ලෙසයි.

මෙම තොරතුරු පිළිබඳ විශ්වාස කළ තරුණයා රුවන්වැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක් වෙත ගොස් එම මුදල තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. එම මුදල බැංකු ගත කිරීමත් සමගම එස්.එම්.එස්. පණිවුඩයක් දෙමින් සඳහන් කර ඇත්තේ ආදායම් බදු සඳහා තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් එදිනම බැංකු ගත කරන ලෙසයි.

මෙහිදී ඇතිවුණ සැකය මත ඔහු තම මිතුරකුට මේ පිළිබඳ සැල කර ඇත. මිතුරා වහාම අදාළ බැංකුවට කතා කර තැන්පත් කළ මුදල පිළිබඳව විමසා තිබේ. ඒ වනවිටත් මුදල ගිණුමේ තිබුණු හෙයින් ලබාගැනීම අවහිර කර ඇත. තරුණයා තමා කිසියම් ගැටයකට අසුවී ඇති බව අවබෝධ වී ඇත්තේ එවිටය. ඔහු රුවන්වැල්ල පොලිසිය වෙත ගොස් මේ පිළිබඳ පැමිණිලි කර ඇත. රුවන්වැල්ල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉකුත් කාලය පුරාම මෙවැනි සිදුවීම් රැසක් බුලත්කොහුපිටිය, යටියන්තොට හා රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මේ ආකාරයටම පිරිමි අය නොමැති නිවෙස්වලට දිවා කාලයේ ගොස් විවිධ ප්‍රකාශ කොට රවටා රන් භාණ්ඩ කොල්ලකා ඇත. එපමණක් නොව අග්‍රහාර රක්ෂණාවරණය අනුමත කිරීමට කියා මියගිය රජයේ සේවකයන්ගේ නිවෙස්වලට පණිවුඩ දී මුදල් වංචා කිරීම් සිදුකර ඇත.

මෙවැනි වංචනිකයන් පිළිබඳව දැනුවත් කිරීමටත්, අල්ලා නීතියේ රැහැනට යොමු කිරීමටත් පියවර ගත යුතුව තිබේ

  1. බූරුවෙකුට අං තට්ටුවක් දෙනවා කිව්වමත් බූරුවො ඔහොම හෙසිරෙනවා, කිසිවක් සොයා බලන්නෙ නැතුව/ මෙ බූරුවා නම් යාන්තම් ගැලවුනා; ලන්කාවෙ බූරුවන් වෙනි කොටසක් ඉන්න බව් දන්න සොරු රැලක් මෙසෙ බූරුවන් සොයමින් සල්ලි කඩා ගන්නවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22