දුරකථනයත්‍ විසන්ධි කර රාජිත නිවස අතහැර ගිහින් – අත්අඩංගුවට ගන්න නියෝග

නීතිමය ක්‍රියා පටිපාටියට පරිභාහිරව කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දුරකථනය ද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් සිදුකර තිබුණ ද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මඟ හරිමින් සිටින බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර, එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා.

රටින් බැහැරව සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබෙන බවත්, විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මගහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි නිලධාරීන් අධිකරණයන් ඉල්ලා සිටියේ.

සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළේ; එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත්, මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
22
+1
2
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38