දුරකථනයක් ගන්න යනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

දුරකථනයක් මිලදී ගන්නේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකථනයක් පමණක්ම මිලදී ගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ඕනෑම දුරකථනයක ඉමි අංකය (IMEI number) එහි ඇසුරුමේ සටහන් කර ඇති බවයි.

එම අංකය පාරිභෝගිකයන් සතු වෙනත් ඕනෑම දුරකථනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් යුත් අංකය ටයිප් කර කෙටි පණිවුඩයක් ආකාරයෙන් 1909ට යොමු කළ යුතු වනවා.

එම මොහොතේදීම අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනයක් ද යන වග ඇතුලත් පිළිතුරු පණිවුඩයක් ලැබෙන බවයි මේනකා පතිරණ මහත්මිය පෙන්වා දුන්නේ.

දුරකථන පාරිභෝගිකයෙකු ලෙසට අනාගතයේ පත්විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මෙය ඉතා වැදගත් කරුණක් වන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?