දුරකථනයක් ගන්න යනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

දුරකථනයක් මිලදී ගන්නේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකථනයක් පමණක්ම මිලදී ගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ඕනෑම දුරකථනයක ඉමි අංකය (IMEI number) එහි ඇසුරුමේ සටහන් කර ඇති බවයි.

එම අංකය පාරිභෝගිකයන් සතු වෙනත් ඕනෑම දුරකථනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් යුත් අංකය ටයිප් කර කෙටි පණිවුඩයක් ආකාරයෙන් 1909ට යොමු කළ යුතු වනවා.

එම මොහොතේදීම අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනයක් ද යන වග ඇතුලත් පිළිතුරු පණිවුඩයක් ලැබෙන බවයි මේනකා පතිරණ මහත්මිය පෙන්වා දුන්නේ.

දුරකථන පාරිභෝගිකයෙකු ලෙසට අනාගතයේ පත්විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මෙය ඉතා වැදගත් කරුණක් වන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33