AFC Banner
AFC Banner
Empty Ad

දුම වැඩි වාහන ගැන තොරතුරු ඉල්ලයි

අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ පිළිබඳ ‪0703500525‬ යන WhatsApp අංකයට දැනුම් දෙන ලෙසටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලිසියේ වාහන සම්බන්ධයෙන් ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ, සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදු කරන බවයි.

පසුගිය මාසයේ සිදු කරන ලද දුම් පරීක්ෂාවේ දී බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් අසමත් වී ඇති බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?