දුමින්ද ආයෙත් මැගසින් බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා.

අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවයි.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයක දී රත්‍රං ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (මැයි 23) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?