AFC Banner
Empty Ad
Empty Ad

දුම්වැටි තොගයක් මෙරටට ගෙන්වූ අවස්ථාවක දී වැඩ වැරදුණු හැටි

නීතිවිරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම වැටලීම කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බවයි.

මෙම වැටලීම අද (08) අලුයම් කාලයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ඩුබායි සිට පැමිණ ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී තීරුබදු රහිත ව මෙරටට ගෙන ආ දුම්වැටි 28,400ක් කාටූන් 142ක් සමග සොයාගෙන තිබෙනවා.

22 හැවිරිදි මෙම සැකකාර තරුණයා කලබුලුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?