දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවක

ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹුණු දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට දැඩි මගී අපහසුතාවක් සිදු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

මෙම වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය 02ක් ද, ගාල්ල සිට කොටුවට දුම්රිය 03ක් ද , අලුත්ගම සිට එක් දුම්රියක් ද, කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේ දී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහි ව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?