දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවක

ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹුණු දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට දැඩි මගී අපහසුතාවක් සිදු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

මෙම වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය 02ක් ද, ගාල්ල සිට කොටුවට දුම්රිය 03ක් ද , අලුත්ගම සිට එක් දුම්රියක් ද, කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේ දී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහි ව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27