දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි (වීඩියෝ)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉදිරි පැය 24 හෝ හෙට (17) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක කමිටුව තීරණය කරන වේලාවක හදිසි සංකේත වැඩ වර්ජනයකට යෑමට සූදානම් බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

බඳවා ගැනීමේ පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා අනුමත කරදීම වසර ගණනාවක සිට ප්‍රමාද කිරීම, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම්වල පවතින ගැටලුකාරී තත්ත්වයන්, නිල ඇඳුම් දීමනා ගෙවීම් පැහැර හැර තිබීම, විදේශීය සහ දේශීය පුහුණුවීම් පිළිබඳ කිසිදු සාධනීය විසඳුමක් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?