දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි (වීඩියෝ)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉදිරි පැය 24 හෝ හෙට (17) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක කමිටුව තීරණය කරන වේලාවක හදිසි සංකේත වැඩ වර්ජනයකට යෑමට සූදානම් බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

බඳවා ගැනීමේ පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා අනුමත කරදීම වසර ගණනාවක සිට ප්‍රමාද කිරීම, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම්වල පවතින ගැටලුකාරී තත්ත්වයන්, නිල ඇඳුම් දීමනා ගෙවීම් පැහැර හැර තිබීම, විදේශීය සහ දේශීය පුහුණුවීම් පිළිබඳ කිසිදු සාධනීය විසඳුමක් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34