දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක (වීඩියෝ)

හෙට (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසනවා.

පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් එම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය ධාවනයෙන් නවතිනු ඇති බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

හෙට (29) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කිරීමට නියමිත මෙම සංකේත වැඩ වර්ජනය, ලබන 31 මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බවයි ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ සඳහන් කළේ.

අද (28) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
1
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?