AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය රියදුරන් වර්ජනය අත්හරී (වීඩියෝ)

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යබන්දුල ගුණවර්ධන සමඟ අද (10) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටි අතර, මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය අඩාල වුණා.

මේ අතර දුම්රිය රියදුරන් මෙම වර්ජය අවසන් කළ ද අද (10) පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හෙට (11) උදෑසන සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?