වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්

ඉඩමක භුක්තිය පැමිණිලිකරුවෙකුට ලබාදෙමින් වැලිමඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් කඩිනමින් ක්‍රියාත්මක කරදීම සඳහා එම පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් බව කියන එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකාර රෙජිස්ට්‍රාර්වරයා අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වැලිමඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වන එරන්ද සජිත් රණසිංහනැමැත්තායි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ එම අධිකරණයේ පැවති නඩුවකට අදාළව ඉඩමේ භුක්තිය පැමිණිලිකරුට ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීමට මහේස්ත්‍රාත්වරයා
රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවයි.

ඒ, අනුව ඉඩමේ භුක්තිය කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් මෙම සැකකරු පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබාගෙන ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

ඒ, අනුව පැමිණිලිකරු පළම්‍ය් අවස්ථාවේදි ලක්ෂයක මුදලක් එම රෙජිස්ටර්වරයාට ලබා දී ඇති අතර අනෙක් මුදල් ලබාදිමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාළ වැඩිදුරටත් කරන දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සැකකරු එම මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ පවතින සිසිටිවි දර්ශනද ඇතිි බවයි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ මාගේ සේවාදායකයා අවුරුදු දොළහකටත් අධික කාලයක් සේවයේ නියුතු නිලධාරියෙක් වන බැවින් ඔහු මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ අයෙක් නොවන බවයි.

එම අල්ලස් ලබාගන්නා ලද බව කියන මුදල් පාර්සලය තම සේවා දායකයාගේ අතට ගත් බවට සාක්ෂි නොමැති බව අධිකරණයට දැන්වූ නීතිඥවරයා සැකකරුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

සැකකරු අල්ලස් කොමිසම විසින් ඉකුත් 30 අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44