දුම්රිය රියදුරන් වර්ජනය අත්හරී (වීඩියෝ)

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යබන්දුල ගුණවර්ධන සමඟ අද (10) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටි අතර, මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය අඩාල වුණා.

මේ අතර දුම්රිය රියදුරන් මෙම වර්ජය අවසන් කළ ද අද (10) පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හෙට (11) උදෑසන සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54