AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ප්‍රවේශපත් නිකුත්වීම නවතී

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කටයුතු කරනු ලැබුවා.එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියාසිටියේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන්හි ආසන වෙන්කිරීම පමණක් ඉදිරියට සිදුවන බවයි.

මේ අතර දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ප්‍රවාහනය සඳහා පාර්සල් බාරගැනීමද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවනු ලැබුවා.

මේ සම්බන්ධව කඩිනමින් නිසි විසදුමක් ලබා නොදුනහොත් ලබන 26 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට සියලූම දුම්රිය ස්ථානාධිපතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බවයි සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලූ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවේදී කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?