දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ යුතු බව ප්‍රවාහන ඇමති කියයි

ආයතනයක් ලෙස ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස කටයුතු කිරීමටට සහ දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනයට පවතින සීමාවන් මගහැරවීමට දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බව ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන පවසනවා.

රටක් වශයෙන් සංවර්ධනය උදෙසා නව උපාය මාර්ග පිළිබඳ අවධානය යොමු කරන සමයක, ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමී ක්‍රමවේදවලින් සිදුවන්නේ දැඩි බාධාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා ස්ථාපනය කරන ලද නව මාර්ගෝපකරණ කාර්යාලය, පාර්සල් කාමරය ඇතුළු පහසුකම් විවෘත කිරීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඇල්ල දුම්රිය ස්ථානයට පැමිනෙණ දෙස් විදෙස් සංචාරකයින්ට ප්‍රදේශයේ අවට සංචාරක කටයුතුවල නිරතවීමේ දී සිය වටිනා බඩුබාහිරාදිය ආරක්ෂිතව තැන්පත් කර තැබීමේ පහසුකම් ඇතුළු සේවාවන් රැසක් ලබාගැනීමේ අවස්ථාව මේ සමග හිමි වනු ඇති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් සහිත ඇල්ල දුම්රිය ස්ථානය මෙරට දුම්රිය සේවයට ලබා දෙන්නේ විශාල දායකත්වයක්. එහිදී දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සපුරාලමින් විවෘත වන මෙම සේවාවන් මෙහි පැමිණෙන මගී ජනතාව තවදුරටත් දුම්රිය ස්ථානය වෙත ආකර්ෂණය කිරීමට හේතුවක් වනු ඇති.

රටක් වශයෙන් සංවර්ධනය උදෙසා නව උපාය මාර්ග පිළිබඳ අවධානය යොමු කරන සමයක, ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේද වලින් සිදුවන්නේ දැඩි බාධාවක්. ඒ හේතුවෙන් ආයතනයක් ලෙස ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස කටයුතු කිරීමටටත් දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනයට පවතින සීමාවන් මගහැරවීමට දුම්රිය අධිකාරියක් බවට පත්කළ යුතු බව මා විශ්වාස කරනවා.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයට ප්‍රාග්ධනය යොදවමින් ආයෝජන සිදු කිරීමට නොහැකි පසුබිමක දේශීය හා විදේශීය ආයෝජන මගින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් රටට විශාල ආදායමක් උපයා දිය හැකි ක්‍රමවේද පවතිනවා. ඒ උදෙසා අලුත් අදහස් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීමටත් ඒ තුළින් ලෝකයට ම ආදර්ශවත් දුම්රිය ස්ථානයක් ලෙස වටිනා පණිවිඩයක් ලබා දිය හැකි දුම්රිය ස්ථානයක් බවට ඇල්ල දුම්රිය ස්ථානයපත් වනු ඇති බව මා විශ්වාස කරනවා.

නව පහසුකම් විවෘත කිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානය ආශ්‍රිත දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ඇතුළු වත්කම් පිළිබඳවද නිරීක්ෂණයක නිරත වූ අමාත්‍යවරයා විධිමත් ආයෝජන සැලසුමක් යටතේ එම වත්කම් ආයෝජනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40