මැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක යකාවැව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා දුම්රිය ගේට්ටුවේ තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
14
+1
1
+1













