යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අදට යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරනවා.
ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵල මිස නපුරු සංකේත නොවන බව සඳහන් කරන විපක්ෂ නායකවරයා දීපාවලිය තුළ කියා දෙන්නේ, දිනූ යහපත සමාජයට ගෙන යෑම බවයි අදාළ සුබපැතුම් පණිවුඩය මඟින් දක්වා ඇත්තේ.
“මේ දිපාවලි දිනයේ දී අප කළ යුත්තේ නපුර පරාජය කොට යහපත උදාව ආලෝකමත් කිරීම යි. ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵල මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම යි. මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල සඳහා කැපවීම යි.”





