දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව පිටකොටු බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙලිය, නානුඔය, යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම හෙට (19) දිනයේ දී ද අතිරේක බස් රථ 73ක් කොළඹ සිට එම ප්‍රදේශවලට යොදවා ඇති බවයි ගමනා ගමන මණ්ඩලය පැවසුවේ.
එම බස් සේවාව 24 පැය පුරා ක්‍රියාත්මක අතර, ගමිබිම් බලා ගිය ජනතාවට යළි කොළඹ දක්වා පැමිණීම වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් එම මණ්ඩලයේ ප්‍රාදේශික 12 කට උපදෙස් දී තිබෙනවා.
මේ අතර අද (18) සහ හෙට (19) දෙදින තුළ සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.





