විදුලිසැර වැදීමකට ලක්වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති තවත් දළ ඇතෙකු පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.
ඒ කැකිරාව – මහඉලුප්පල්ලම ප්රදේශයෙන්.
දසත ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ; මනාවට වැඩුණු දළ යුගලයක් සහිත මෙම හස්තියා මහ ඉලුප්පල්ලම හා ඒ අවට ගම්මානවල නිවාස හා ගොවිබිම් ආශ්රිත ව මේ දිනවල සැරිසරමින් සිටින බවයි.
වගා හානි සිදු කරමින්; අස්වනු බුදිමින් රාත්රී කාලයේ එම ප්රදේශයේ සැරිසරන මෙම සද්දන්තයා බොහෝ අවස්ථාවල ද වනඅලි තර්ජනය හේතුකොට ගෙන සිය වගාවන් හා ජීවිත වනඅලීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ප්රදේශවාසීන් විසින් ඉදිකරන ලද පුද්ගලික විදුලි වැටවල් ද බහුල වශයෙන් එම ප්රදේශයේ දක්නට ලැබෙන බවත් ප්රාදේශීය වාර්තාකරු පැවසුවා.
පුද්ගලික විදුලි වැටවල් බහුලව ඇති ප්රදේශයක සැරිසරමින් සිටින මෙම ඇතා ද විදුලිසැර වැදීමකට ලක්විය හැකි වැඩි අවදානමක සිටින බවයි එම ගම්වැසියන් පෙන්වාදෙන්නේ.
එබැවින් මෙම වනඅලීන්ගේ ජීවිත සහ ගම්වාසීන්ගේ ජීවිත අවදානමක ඇති පසුබිමක වගකිව යුතු බලධාරීන්ගේ අවධානය මීට යොමු කරමින් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසට මහ ඉලුප්පල්ලම ගම්වාසීන් ඉල්ලා සිටිනවා.
ඊට හේතුව වී ඇත්තේ පසුගියදා ගෙවත්තක් වටා ඉදිකර තිබූ මෙවැනි පුද්ගලික විදුලි වැටකින් සිදු වූ විදුලි සැර වැදීමකින් කලාවැව දීඝදන්තු 01 ඇතා ද ජීවිතක්ෂයට පත් වීම බවයි වාර්තා වන්නේ.