දිස්ත්‍රික්ක 15ක පවුල් 61,000කට පානීය ජල ගැටලු

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ දිස්ත්‍රික්ක 15ක පවුල් 61,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අපහසුතාවකට මුහුණ පා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් 210,798 දෙනෙකු නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්වයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

යාපනය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, ගම්පහ, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පවුල් 60,990ක් පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

යාපනයේ පුද්ගලයින් 70,000 කට අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති අතර ජූනි මාසයේ සිට වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ චංකානයි ප්‍රදේශයයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවයි.

නිරිතදිග මෝසම් වර්ෂාව මේ වසරේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබා නොදුන්නේ එල්නිනෝ බලපෑම නිසා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වාර්ෂිකව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?