දිස්ත්‍රික්ක 06කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

හෙට (12) දිනය දක්වා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තාමේන්තුව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.