දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද (04) පස්වරු 6.00 සිට හෙට (05) පස්වරු 06.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?