දිස්ත්‍රික්ක හයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 01 (විමසිලිමත් බවින් සිටින්න) මට්ටමේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති
බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (18) පෙරවරු 10.00 සිට හෙට (19) පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මකයි.

නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, වරකාපොළ
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?