දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 03 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ ⁠මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට (20) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය පවසන්නේ.

මේ අතර ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවයි.

නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?