දිවියෙකුගේ දත් හතරක් විකිණීමට ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

දිවියෙක්ගේ දත් හතරක් විකිනීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (08) දිනයේ දී අත්අඩංගුවට ගත් බව මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

එමෙන්ම කොටි දත් රුපියල් 110,000 ක මුදලකට ලබාගත් ව්‍යාපාරිකයෙක් සහ විකිණීමට පැමිණි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සැඟව සිටින බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !