දිවා ආහාරය හිමිවන පාසල් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව වැඩි කෙරේ

පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇති බවයි.

සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටයි කටයුතු යොදා ඇත්තේ.

සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරිදි දැනුම්වත් කර තිබෙනවා.

දරුවන් පාසල් පැමිණීම වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම, සමබර ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙන් ම පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීම මෙම පෝෂණ වැඩසටහනේ මූලික අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?