අධිකරණ සිරමැදිරියක ඇති වූ අසනීපයක් නිසා රෝහල්ගත කළ බන්ධනගාර රැඳවියෙක්ට දිවි අහිමි වෙයි

පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ සිට ඊයේ (14) දිනයේ දී නඩු කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබූ රැඳිවියෙක්, අධිකරණයේ සිරමැදිරියක රඳවා සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මින්නේරිය පොලිසිය වෙත බුදු පිළිමයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව නඩු පැවරීමෙන් අනතුරව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක්.

මෙම රැඳවියා 74 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විට එම රැඳවියගේ නිසල දේහය හිඟුරක්ගොඩ ප්‍රදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය මත පොළොන්නනරුව රෝහලේ දී සැකකරුගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් හිඟුරක්ගොඩ පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15