දිවා ආහාරය හිමිවන පාසල් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව වැඩි කෙරේ

පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇති බවයි.

සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටයි කටයුතු යොදා ඇත්තේ.

සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරිදි දැනුම්වත් කර තිබෙනවා.

දරුවන් පාසල් පැමිණීම වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම, සමබර ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙන් ම පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීම මෙම පෝෂණ වැඩසටහනේ මූලික අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24