දිවයින පුරා නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අනුමැතිය

එදිනෙදා නාගරික ප්‍රදේශ කරා ඇදී එන මහජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිළි පද්ධතිවලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදි කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී (ජුලි 02) නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිත ස්ථාන නාගරික සංවර්ධන සැලසුම්වලට අනුව හඳුනාගනු ලැබ තිබෙනවා.

එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදි කිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

එම යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ස්ථාන පහත දැක්වෙයි.

  • දෙමෝදර දුම්රිය ස්ථානය
  • සීගිරිය හෝටල් මංසන්ධිය
  • නුවර වැවරවුම
  • ග්‍රෙගරි වැව, නුවරඑළිය
  • කින්නියා වෙරළ, ත්‍රිකුණාමලය
  • මාබල් බීච්, ත්‍රිකුණාමලය
  • නිලාවේලී වෙරළ ප්‍රදේශය, ත්‍රිකුණාමලය
  • පාසිකුඩා, මඩකලපුව
  • රුවන්වැලිසෑය රථගාල පරිශ්‍රය
  • ලංකාපුර, පොළොන්නරුව
  • යාපනයේ කුරීකට්ටුවාන් ජැටි පරිශ්‍රය
  • හික්කඩුව වෙරළ තීරය
  • හිරිකැටිය, දික්වැල්ල
  • පරෙයිවැල්ල වෙරළ උද්‍යානය, තංගල්ල
  • ආරුක්කු නවය පාලම, ඇල්ල
  • මොරගොල්ල වෙරළ, බේරුවල
  • ගල්කිස්ස දුම්රිය ස්ථානය
  • මීගමුව වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය, අදියර 1
  • බත්තරමුල්ල මංසන්ධිය
  • බඩගමුව වන උද්‍යානය, කුරුණෑගල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?