සංචාරය සඳහා දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සැකසීමට සූදානමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (18) රාත්‍රියේ විකාශය වූ දසත ‘ප්‍රහාරය’ වැඩසටහනට එක්වෙමින්.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ආරක්‍ෂිත ජංගම දුරකථන යෙදුමක් (mobile app) හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
එම සංචාරකයින් ගමන් කරන තැන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට අදාළ ජංගම දුරකථන යෙදුම ඔස්සේ හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් අංශ කිහිපයක් සමඟ සාකච්ඡා සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.





