AFC Banner
AFC Banner
Empty Ad

දිල්ලි මහ ඇමතිට අතුරු ඇපයක් – ජුනි 02 වනදා යළි භාරවෙන ලෙසත් නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අතුරු ඇපමත මුදාහැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ඔහුව ලබන ජුනි 01 දක්වා මෙලෙස ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇති අතර, ඔහු ජුනි දෙවනදා වන විට යළිත් බන්ධනාගාර නිලධාරීන්ට භාර විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් අරවින්ද් කෙජ්රිවාල්ගේ නීතීඥ කණ්ඩායම ජූලි මාසය දක්වා එනම් ඉන්දීය මැතිවරණය අවසන් වී නව රජය පිහිටුවා අවසන් වනතෙක් අතුරු ඇප කාලය ඉල්ලා තිබුණා.

‘ආම් ආද්මී’ පක්ෂයේ නායකයා වන අරවින්ද් කෙජ්රිවාල් පසුගිය මාර්තු මස 21 වනදා මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කළ බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?