AFC Banner
AFC Banner
Empty Ad

දියේ ගිලීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තණමල්විල සහ පොතානේගම ප්‍රදේශවලදීයි මෙම අනතුරු වාර්තා වී ඇත්තේ. මිගලෑව පොතානේගම ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ 81 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (30) උදෑසන හේනට යන බවට පවසා පාපැදියකින් පිටත්ව ගොස් තිබුණා.

තම පියා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඔහු ගමන් කළ පාපැදිය ඇහැටුවැව වීරමුණියාගම ප්‍රදේශයේ තිබි හමුවූ අතර පියා අතුරුදන්ව ඇති බවට දරුවන් විසින් කළ පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

පොලිසිය කළ විමර්ශනයේදී ඊයේ උදෑසන සියඹලන්ගමුව ඔය ඉවුරේ තිබී අතුරුදන්වූ පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගැණුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇති අතර මිගලෑව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර තණමල්විල තිලකරත්න වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

පොලිසිය සිදු කළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මියගොස් ඇති පුද්ගලයා පසුගිය 30 වනදා දහවල් කාලයේ බලහරුව තිලකරත්න වැව ප්‍රදේශයේදී මී ගවයන්ට තණ කවමින් සිටියදී අතුරුදන්ව ඇති අයෙක් බවටයි.

19 හැවිරිදි තරුණයෙක් වන ඔහු කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. තණමල්විල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?