දියේ ගිලීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තණමල්විල සහ පොතානේගම ප්‍රදේශවලදීයි මෙම අනතුරු වාර්තා වී ඇත්තේ. මිගලෑව පොතානේගම ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ 81 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (30) උදෑසන හේනට යන බවට පවසා පාපැදියකින් පිටත්ව ගොස් තිබුණා.

තම පියා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඔහු ගමන් කළ පාපැදිය ඇහැටුවැව වීරමුණියාගම ප්‍රදේශයේ තිබි හමුවූ අතර පියා අතුරුදන්ව ඇති බවට දරුවන් විසින් කළ පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

පොලිසිය කළ විමර්ශනයේදී ඊයේ උදෑසන සියඹලන්ගමුව ඔය ඉවුරේ තිබී අතුරුදන්වූ පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගැණුනා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී ඇති අතර මිගලෑව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර තණමල්විල තිලකරත්න වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

පොලිසිය සිදු කළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මියගොස් ඇති පුද්ගලයා පසුගිය 30 වනදා දහවල් කාලයේ බලහරුව තිලකරත්න වැව ප්‍රදේශයේදී මී ගවයන්ට තණ කවමින් සිටියදී අතුරුදන්ව ඇති අයෙක් බවටයි.

19 හැවිරිදි තරුණයෙක් වන ඔහු කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. තණමල්විල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18