දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පෙරේදා (25) රාත්‍රියේ දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.
පසුගිය (25) වනදා රාත්‍රීයේ පුද්ගලයින් සිව්දෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ඔරුවකින් ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති අතර, එක් අයෙක් දියේ ගිලී අතරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
එලෙස දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිඳුම් අංශය සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.














MINISSUNA DARUWANTA KANNA BONNA BOHOMA HNGAYI, GODAK AYATA KANNA BONNA NAHE. DARUWANGE DEMAWUPIYO WIYARUWELA PISSUE WAGEYI DAWASA GEWANNE. DIYAWANNAWATA AWE VINODHA WENNA HO SEPA GANNA NOWEYI AHASA USATA MALU MUS MILA GIYAMA PODDAK MAHANSIWELA MALU TIKAK ALLA GANNA, SAMAHARA WITA WIKUNANNATH WENNA ATHI. OKA KARALA UN LAKSHA GANAK GANNA DHA, NAHE WEWU MALU KILO EKA 300YI. MUDU MALU WAGEYI NOWEYI UNGE BADAWAL GODAK LOKUYI KUNU JARAWA KALAMA. EWA AYIN KALAMA 500G ASANNAWA BARA DU WENAWA. EYI NISA WADIPURA ALLANNA ONA. MALU ANE MAWA ALLAGANNA KIYALA NIKAN MA DELATA ENNE NAHE. EMA KANNETH NAHE. EKATHU DUKAK MULU REYA PURA SEETHALE GAHI GAHEE WESSATA THEMI THEMEE WEWAK MEDHA MALU BANA EKA. MONAWA UNATH HARIMA PAWU.