AFC Banner
AFC Banner
Empty Ad

දියණියගේ මංගල්‍යට සල්ලි හොයන්න SI කුඩු ඇද්ද ලු

දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු ජාවාරමට සම්බන්ධ වූ බව රුපියල් කෝටි 52 ක හෙරොයින් තොගයක් රාජකාරි නිල ඇඳුමින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇති බව අද (21) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අනාවරණය වුණා.

මීට සති තුනකට පමණ උඩදීද මෙම නිලධාරියා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී ගොස් දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 75 ක් කොළඹට ප‍්‍රවාහනය කර ඇතැයිද එම හෙරොයින් තොගය කොළඹට ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක් හෙරොයින් ජාවාරම්කරුවන් විසින් ගෙවා ඇති බවද මේ වන විට හෙළිදරව්වී ඇති බව එහිදී සඳහන් වුණා.

කළුතර දකුණ පොලිසියේ නිලධාරියෙක් හෙරොයින් තොග පිටින් කොළඹට ප‍්‍රවාහනය කරන බවට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙතයි.

පසුව මෙම ජාවාරම පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථාන අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වෙත භාරදීමට පතිනායක මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දින පහක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු මෙම ජාවාරම සිදුවන ආකාරය හෙළිදරව් කර ගැනීමට නිශාන්ත සොයිසා සහ පොලිස් පරීක්‍ෂක පද්මලාල් ඇතුළු නිලධාරීන් සමත් වුණා.

ඉකුත් 18 වැනිදා රාති‍්‍රයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. හබරාදුව ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකින් ලබාගෙන ඇති හෙරොයින් තොගය මෙම උ.පො.ප.වරයා විසින් මෝටර් රථයක පටවාගෙන හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවී කොළඹ ප‍්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කරද්දී ගෝනපීනුවල ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ වන විට මෙම මෝටර් රථයේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 52 යි ග‍්‍රෑම් 728 ක් තිබී ඇති අතර ඒවා කිලෝ ග‍්‍රෑමය බැගින් වූ පැකට්වල අසුරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?