දියණියගේ මංගල්‍යට සල්ලි හොයන්න SI කුඩු ඇද්ද ලු

දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු ජාවාරමට සම්බන්ධ වූ බව රුපියල් කෝටි 52 ක හෙරොයින් තොගයක් රාජකාරි නිල ඇඳුමින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇති බව අද (21) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අනාවරණය වුණා.

මීට සති තුනකට පමණ උඩදීද මෙම නිලධාරියා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී ගොස් දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 75 ක් කොළඹට ප‍්‍රවාහනය කර ඇතැයිද එම හෙරොයින් තොගය කොළඹට ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක් හෙරොයින් ජාවාරම්කරුවන් විසින් ගෙවා ඇති බවද මේ වන විට හෙළිදරව්වී ඇති බව එහිදී සඳහන් වුණා.

කළුතර දකුණ පොලිසියේ නිලධාරියෙක් හෙරොයින් තොග පිටින් කොළඹට ප‍්‍රවාහනය කරන බවට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙතයි.

පසුව මෙම ජාවාරම පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථාන අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වෙත භාරදීමට පතිනායක මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දින පහක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු මෙම ජාවාරම සිදුවන ආකාරය හෙළිදරව් කර ගැනීමට නිශාන්ත සොයිසා සහ පොලිස් පරීක්‍ෂක පද්මලාල් ඇතුළු නිලධාරීන් සමත් වුණා.

ඉකුත් 18 වැනිදා රාති‍්‍රයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. හබරාදුව ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකින් ලබාගෙන ඇති හෙරොයින් තොගය මෙම උ.පො.ප.වරයා විසින් මෝටර් රථයක පටවාගෙන හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවී කොළඹ ප‍්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කරද්දී ගෝනපීනුවල ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ වන විට මෙම මෝටර් රථයේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 52 යි ග‍්‍රෑම් 728 ක් තිබී ඇති අතර ඒවා කිලෝ ග‍්‍රෑමය බැගින් වූ පැකට්වල අසුරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?