AFC Banner
Empty Ad
Empty Ad

දිමුත්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාවක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද සිය 38 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය සමඟ ලෝඩ්ස් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින් අතර සිව්වන ස්ථානයට පැමිණීමට දිමුත්ට අද හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින් මෙතෙක් සිව්වන ස්ථානයේ රැඳී සිටි සනත් ජයසූරිය අභිබවායමින්.

සනත් ජයසූරිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 110ක් තුළ ලකුණු 6973ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
147
+1
7
+1
91
+1
13
+1
13
+1
12
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?