දිම්මා හා චන්දිගෙන් දෙවැනි කඩුල්ලට ශක්තිමත් සබඳතාවක්

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිවා ආහාරයට තරගය නතර කරන විට ලකුණු පුවරුව ශක්තිමත් මට්ටමකට ගෙන ඒමට සමත් ව සිටිනවා.

කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණක් ලබා සිටියදී දැවී ගියද, දෙවැනි කඩුල්ලට පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් අනෙක් අන්තයේ සිටින දිමුත් කරුණාරත්න සමග එක් ව ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා.

දහවල් 12.30ට තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු පුවරුව දිස් වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 102ක් ලෙසයි.

දිනේෂ් චන්දිමාල් සිය 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර දිමුත් කරුණාරත්න සිය 40 වැනි අර්ධ ශතකය අබියස රැඳී සිටින්නේ ලකුණු 40ක් ලබා ගනිමින්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් දිම්මා සහ චන්දි අතර ලකුණු 100ක සබඳතාවක් ද ගොඩනැගී තිබෙනවා.

පළමු කඩුල්ලේ අයිතිය නායක ටිම් සවුති හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?