කඩා වැටුණු උමගක සිර වූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදා ගැනෙයි

නවතම :- කඩා වැටුණු උමගෙහි සිරවුණු කම්කරුවන් එළියට ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; එහි පළමු පියවර වශයෙන් එක් කම්කරුවෙකු නිරුපද්‍රිත ව බේරාගැනීමට හැකි වූ බවයි.

තවත් 40 දෙනෙකු උමඟ තුළ සිර ව සිටින අතර, ඔවුන් ව ද මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම මුදා ගැනුණු කම්කරුවා හට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ද මේ වනවිට ලබා දීමට ද කටයුතු කර ඇති බවට ද වාර්තා වනවා.

උතුරු ඉන්දියාවේ හිමාලයට නුදුරින් පිහිටා ඇති උත්තරකාන්ද් ප්‍රදේශයේ පිහිටි කඩා වැටුණු උමඟ තුළ සිර වී සිටින කම්කරුවන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වෙත මේ වනවිට එරට ගලවා ගැනීමේ හමුදාව පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ඉදිකිරීම් කම්කරුවන් උමං මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි අවස්ථාවකදීයි මීට දින 17කට කලින් උමං බිත්ති කඩා වැටුණේ.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ උමඟෙහි සිරවූවන් බේරාගැනීමට තව යා යුතු දුර කිලෝමීටර් 02ක් පමණ වන බවයි.

උමග තුළ කම්කරුවන් 41 දෙනෙකු සිර වී සිටින බව ද වාර්තා වනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් මේ වනවිට සියලු සුන්බුන් ඉවත් කර දමා අදාළ ස්ථානයට ළඟාවෙමින් සිටිනවා.

මුදාගැනීමේ ප්‍රයත්නයන් අධීක්‍ෂණය කරන ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සාමාජිකයෙකු වන Syed Ata Hasnain පැවසුවේ, ගලවාගැනීම්කරුවන් හතර දෙනෙකු බැගින් කණ්ඩායම් තුනක්, මිනිසුන් සිර වී සිටින ප්‍රදේශයට පළමු ව ඇතුළු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40