කඩා වැටුණු උමගක සිර වූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදා ගැනෙයි

නවතම :- කඩා වැටුණු උමගෙහි සිරවුණු කම්කරුවන් එළියට ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; එහි පළමු පියවර වශයෙන් එක් කම්කරුවෙකු නිරුපද්‍රිත ව බේරාගැනීමට හැකි වූ බවයි.

තවත් 40 දෙනෙකු උමඟ තුළ සිර ව සිටින අතර, ඔවුන් ව ද මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම මුදා ගැනුණු කම්කරුවා හට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ද මේ වනවිට ලබා දීමට ද කටයුතු කර ඇති බවට ද වාර්තා වනවා.

උතුරු ඉන්දියාවේ හිමාලයට නුදුරින් පිහිටා ඇති උත්තරකාන්ද් ප්‍රදේශයේ පිහිටි කඩා වැටුණු උමඟ තුළ සිර වී සිටින කම්කරුවන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වෙත මේ වනවිට එරට ගලවා ගැනීමේ හමුදාව පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ඉදිකිරීම් කම්කරුවන් උමං මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි අවස්ථාවකදීයි මීට දින 17කට කලින් උමං බිත්ති කඩා වැටුණේ.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ උමඟෙහි සිරවූවන් බේරාගැනීමට තව යා යුතු දුර කිලෝමීටර් 02ක් පමණ වන බවයි.

උමග තුළ කම්කරුවන් 41 දෙනෙකු සිර වී සිටින බව ද වාර්තා වනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් මේ වනවිට සියලු සුන්බුන් ඉවත් කර දමා අදාළ ස්ථානයට ළඟාවෙමින් සිටිනවා.

මුදාගැනීමේ ප්‍රයත්නයන් අධීක්‍ෂණය කරන ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ සාමාජිකයෙකු වන Syed Ata Hasnain පැවසුවේ, ගලවාගැනීම්කරුවන් හතර දෙනෙකු බැගින් කණ්ඩායම් තුනක්, මිනිසුන් සිර වී සිටින ප්‍රදේශයට පළමු ව ඇතුළු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?