AFC Banner
AFC Banner
Empty Ad

දින 14ක් රට ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවය.

පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

“අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාවට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් අද දිනය තුළ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දින 14ක් දැඩි සංචරණ නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරිනීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිත කරලා, ඉදිරි දින 14 තුළ සංචරණ හැකි තරම් අඩු කරන්න කියලා.“

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මෙන් තුන්ගුණයක රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවය.

ඇය ද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, “සමාජය තුළ තමවත් පැතිරීම සිදුවෙනවා. ශීඝ්‍රයෙන් පැතිරෙනවා නව ප්‍රභේදය. එයින් මරණ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන් ම අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියෙන්න. මොකද එහෙම වුනොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරියක් ලෙස මම නිර්දේශ කරනවා.“ යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?