දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියගේ සිරුර බේරුවල මහ මුහුද මැද

මීට දින දින දෙකකට පෙර අතුරුදන් වූ බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

බේරුවල ධීවර වරායට කිලෝ මීටර් දෙකක් පමණ ඈතින් වූ මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයින් පිරිසකට අද (03) උදෑසන මෙම මළ සිරුර හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර ගොඩට රැගෙන ඒමෙන් අනතුරුව බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිසිය මූලික පරීක්ෂණ සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට යොමුකර තිබෙනවා.

බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි මෙම තරුණිය නිවසින් අතුරුදන්ව ඇති බවට පසුගිය දෙවන දින පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?