වවුනියාව, රාසේන්ද්‍රකුලම ගම්මානයේ පිහිටි තම්පනෙයි – පුලියන්කුලම වැවේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ(01) සොයාගත් බව නෙළුක්කුලම පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත වැව තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගැනීමට හැකි වූ බවයි.
වැවට ආසන්නයේ කුඹුරු යායක වැටක පුද්ගල කමිසයක් දින ගණනාවක් එල්ලා තිබෙනු දැක ප්‍රදේශවාසීන් සොයා බැලීමේ දී වැවේ තිබී මළ සිරුර දැක ඇති බව ද පොලිසිය පැවසුවා.
මළ සිරුර දින ගණනාවක් ජලයේ පැවතීම හේතුවෙන් නරක් වී තිබෙනවා.
කෙසේවෙතත් වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත් ටි.ආර්ති මහත්මිය මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ හා ස්ථානීය පරීක්ෂාව සිදු කරනු ලැබුවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කෙරුණා.
මෙතෙක් මළසිරුරේ අනන්‍යතාව හෙළි ව නැහැ.