දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත දේහය යළි ඥාතීන් වෙත

විමර්ශන කටයුතු සඳහා ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය යළි ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

ශාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් එම පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් අදාළ මෘත ශරීරය මුදාහැරීමට හැකියාව තිබෙන බවටත් අධිකරණයට දැනුම් දී තිබුණා.

එම කරුණු කෙරෙහි අවදානය යොමුකළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය එම මෘත ශරීරය දිනේෂ් ශාෆ්ටර්ගේ ඥාතීන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.

මෙම මරණ පරීක්ෂණය අද (25) කැඳවනු ලැබූ අවස්ථාවේ දී මියගිය දිනේෂ් ශාෆ්ටර්ගේ පියා වන චන්ද්‍රා ශාෆ්ටර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණකරුගේ මරණය සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබූ බව පැවසුවා.

එහෙත් මරණකරුගේ ඇඳුම්වල තැවරී තිබූ වමනය සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගත් අතර, එම වමනය සාම්පලවල සයනයිඩ් අන්තර්ගතව තිබූ බවක් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම මරණකරුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් ගනු ලැබූ ඡායාරූපවල ඔහුගේ ශරීරයේ යම් යම් තුවාල තිබෙන බව දක්නට තිබුණත් එම තුවාල පිළිබඳව අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් සිය වාර්තාවේ ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව මෙම මරණකරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ වෝහාරික මනෝ වෛද්‍ය වාර්තාව පදනම් විරහිත පිළිගත නොහැකි වාර්තාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහි අන්තර්ගත කරුණු මරණකරුගේ මානසික තත්ත්වය නිරූපණය නොකරන බවටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව දැනට සිදුකර තිබෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සම්බන්ධයෙන් තම සේවාදායකයා සෑහීමකට පත් නොවන බවත් තමන් විසින් අද දින ඉදිරිපත් කරන ලද කරුණු විමර්ශනයට පාදක කරගන්නා ලෙසත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ජනාධිපති නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ කරුණු දැනටමත් ශාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවේ අවධානයට යොමු වී තිබෙන බවයි.

කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් මෙම කරුණු ඉදිරි විමර්ශනවලට ඉදිරිපත් කළ ලෙසත් මහේස්ත්‍රාත්වරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කර සිටියා.

වැඩි දුරටත් විවෘත අධිකරණය කරුණු දැක්වූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ශාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් නම් කරනු ලැබූ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව සිය අධිකරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබෙන බවත් කියා සිටියා.

ඒ අනුව මරණකරුගේ දේහය මුදාහැරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කමිටුව අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන බව ද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

ඒ, අනුව නැවත ගොඩගන්නා ලද ශාෆ්ටර්ගේ මෘතදේහය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සහ අධිකරණ වෛද්‍ය පී. ආර්. රුවන්පුර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔහුගේ ඥාතීන් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 09 වනදා කැඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34