හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ඔවුන් ඉදිරි සතියේ දී යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ .
ඔවුන්ගේ මෙම එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාර හිමිව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද යන අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1