දිනෙන් දින රටම ආක්‍රමණය වන ඔමික්‍රෝන් රැල්ල ගැන ඇඟ හිරිවැටෙන ඉගියක්

ලොකු  ඔමික්‍රෝන්  රැල්ලක් ලබන මස අග වනවිට   ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි   රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ   මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

එහෙත් ඔමික්‍රොන් වයිරසයෙන් දරුණු රෝග ලක්ෂණ මතු නොකරන හෙයින් එම රෝගීන්ගෙන්  සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ඔමික්‍රෝන් වයිරසය  වේගයෙන් පැතිර යන නමුත් වැඩි පිරිසක් කොවිඩ්  මර්දන  එන්නත්  ලබාගෙන ඇති හෙයින්  ඉන් සමාජයට ලොකු බලපෑමක් ඇති වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  මේ අවස්ථාවේදී ජනතාව තුන්වෙනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ඉතාම වැදගත් බවද පැවසුවේය.

බොහෝ පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන පැහැර හැර සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස  කටයුතු කිරීමෙන් ජීවිත අවදානම වැඩි විය හැකි බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එකම එන්නතක් හෝ ලබා නොගෙන සිටින  පුද්ගලයන් මේ මොහොතේදී එන්නත් ලබා ගැනීමට එන්නත්කරණ  මධ්‍යස්ථානවලට  වහාම යොමුවිය යුතු බව පැවසූ  හෙතෙම  මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම  යනාදීවූ සෞඛ්‍ය නීති පිළිපැදීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු වන බවද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?