දිනුමක් ලැබුණු බවට ඔබට ඇමතුමක් ලැබුණාද ? පොලිසියෙන් ඒ ගැන ලැබෙන පණිවිඩය

අන්තර්ජාලය ඔස්සේ කරන වංචනික ක්‍රියා පිළිබඳව මේ දිනවල නැවතත් පැමිණිලි ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ඔබට ,ඔබේ සමාජ ජාලා මාධ්‍ය ගිණුමට ,විද්‍යුත් තැපෑලට පණිවිඩයක් ලැබීමට හැකියාවක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ

ලොතරැයි හෝ වෙනත් ආකාරයක දිනුමක් ලැබී ඇති බව හෝ දුරකථන සමාගමක් මගින් දිනුමක් ලැබී ඇති බව හෝ විදේශයක සිටින මිතුරෙක් ත්‍යාගයක් එවා ඇති බවට වශයෙන් පණිවිඩ ලැබීමට හැකියාවක් පවතින බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ

අන්තර්ජාලය හරහා අන්තර්ජාල අපරාධකරුවන් විසින් සිදුකරන ක්‍රියාවන් බවත් කිසිම අවස්ථාවක මෙවැනි දේවල් වලට නොරැවටෙන ලෙසත් මුදල් තැන්පත් කිරීමට නොයන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා

එමෙන්ම ඔබේ ස්ථාවර දුරකථනයට ඇමතුම් පොලිසියෙන් බව පවසා ඇමතුම් ලැබිය හැකියි

විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මෙම ඇමතුම් ලැබෙන බවත් එම ඇමතුම් වලදී ඔබෙන් තොරතුරු විමසන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

එහිදී විමසන්නේ “ඔබට පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් ඇති බවත් .ඒ සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නිවසට පැමිණෙන බවත් ,පැමිණෙන වාහනයට ගෙවීමට මුදලක් තැන්පත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි

මෙවැනි ක්‍රියා සිදුකරන්නේ අපරාධකරුවන් සහ බන්ධනාගාරගතව සිටින්නන් බවත් මේ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?