දිනුමක් ලැබුණු බවට ඔබට ඇමතුමක් ලැබුණාද ? පොලිසියෙන් ඒ ගැන ලැබෙන පණිවිඩය

අන්තර්ජාලය ඔස්සේ කරන වංචනික ක්‍රියා පිළිබඳව මේ දිනවල නැවතත් පැමිණිලි ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ඔබට ,ඔබේ සමාජ ජාලා මාධ්‍ය ගිණුමට ,විද්‍යුත් තැපෑලට පණිවිඩයක් ලැබීමට හැකියාවක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ

ලොතරැයි හෝ වෙනත් ආකාරයක දිනුමක් ලැබී ඇති බව හෝ දුරකථන සමාගමක් මගින් දිනුමක් ලැබී ඇති බව හෝ විදේශයක සිටින මිතුරෙක් ත්‍යාගයක් එවා ඇති බවට වශයෙන් පණිවිඩ ලැබීමට හැකියාවක් පවතින බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ

අන්තර්ජාලය හරහා අන්තර්ජාල අපරාධකරුවන් විසින් සිදුකරන ක්‍රියාවන් බවත් කිසිම අවස්ථාවක මෙවැනි දේවල් වලට නොරැවටෙන ලෙසත් මුදල් තැන්පත් කිරීමට නොයන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා

එමෙන්ම ඔබේ ස්ථාවර දුරකථනයට ඇමතුම් පොලිසියෙන් බව පවසා ඇමතුම් ලැබිය හැකියි

විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මෙම ඇමතුම් ලැබෙන බවත් එම ඇමතුම් වලදී ඔබෙන් තොරතුරු විමසන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

එහිදී විමසන්නේ “ඔබට පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් ඇති බවත් .ඒ සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නිවසට පැමිණෙන බවත් ,පැමිණෙන වාහනයට ගෙවීමට මුදලක් තැන්පත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි

මෙවැනි ක්‍රියා සිදුකරන්නේ අපරාධකරුවන් සහ බන්ධනාගාරගතව සිටින්නන් බවත් මේ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14